ජනපතිවරුන්ගේ හිමිකම් පනතෙන් හිටපු ජනපතිවරුන්ට ගිය වසරේ වියදම් කර ඇති මුදල් ප්‍රමාණ මෙන්න
හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාස, දීමනා සහ වාහන ඇතුළු වරප්‍රසාද ඉවත් කෙරෙන ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පැවැත් වූ අතර එය වැඩි ඡන්දයෙ සම්මත විය.
ඒ අනුව ගිය වසර වනවිට ජනපතිවරුන්ගේ හිමිකම් පනතෙන් හිටපු ජනපතිවරුන්ට ගිය වසරේ වියදම් කර ඇති මුදල් ප්‍රමාණ පහත පරිදි වේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රු 11,664,348
මහින්ද රාජපක්ෂ රු .54 652 990
මෛත්‍රීපාල සිරිසේන රු..15,772,450
ගෝඨාභය රාජපක්ෂ රු.10,222 881
රනිල් වික්‍රමසිංහ රු .3,492,309
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එමගින් හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව අත්හිටුවීමට යෝජනා කර තිබුණා.
ඒ අනුව අද (10) පස්වරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පතට අත්සන් තැබුවේය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුනු අතර ඊට පක්ෂව ඡන්ද 151ක් හා විරුද්ධව ඡන්ද 1ක් හමුවිය.