මගේ නෝනා මගෙන් අයිස් කතාව ගැන ඇහුවා මම කිව්වා පක්ෂෙ අයිස් ගහන අය ගොඩක් හිටියා කියලා - නාමල් රාජපක්ෂ
මේ දිනවල බොහෝ දෙනෙක් කතා කතා කරන මාතෘකාවක් තමයි අයිස් මත්ද්‍රව්‍ය. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙරට පවත්වාගෙන ගිය අයිස් නිෂ්පාදනාගාරයක් වැටලීම මගින් අයිස් නිපදවීම සඳහා රසායන ද්‍රව්‍යය ගෙන්වූ කන්ටේනර් දෙකක් පිළිබඳව තොරතුරු වාර්තා විය.
ඒ අනුව මෙම අපරාධකරුවන් සමග පොහොට්ටුවේ සම්බන්ධතාවයක් පවතින බවත් නාමල් රාජපක්ෂ මෙහි පිටුපස සිටින බව අත් ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා චෝදනා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මෙම චෝදනා පදනම් විරහිත චෝදනා බවට ප්‍රකාශ කරන නාමල් අද වන විට සුනිල් වටගල අමාත්‍යවරයාට එන්තර වාසියක් නිකුත් කිරීමටද තීරණය කර තිබේ. කෙසේ නමුත් මේ දිනවල වැඩි වශයෙන් කතා කරන මේ අයිස් මාතෘකාව පිළිබඳව නාමල් රාජපක්ෂ ඉරාජ් show නැමැති වැඩසටහනට සහභාගි වී එහිදී අදහස් දක්වා තිබුණි.
ඒ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ,
" මගේ නෝනා ඇහුවා මොකක්ද මේ අයිස් කතාව කියලා.එයා අයිස් ගැන දන්නෙත් නෑ පොලිටික්ස් ගැන දන්නෙත් නෑ.මම කීවා අපේ පක්ෂෙත් අයිස් ගහපු අය ගොඩක් හිටියායා කියලා.හැබැයි මම කිව්වේ වැඩ කරන්නැතුව හිටපු අය ගැන.එයාල දැන් රනිල් ගාවට ගියා.
ඒ නිසා දැන් ඉන්නෙ අපි ගාව වැඩ කරන කොටස.ඒකයි අපි සීයට දහයට බැස්සේ"
යනුවෙන් ඔහු සිනාසෙමින් ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. අවසානයේ පාර්ලිමේන්තුවේදී ඔහු ප්‍රකාශ කළේ කන්ටේනර් මුදා හැරීමත් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පිටිපස්සෙත් මේ කියන හැමදේම පිටුපස රාජපක්ෂලා ඉන්නවනම් ආණ්ඩුවක් මොකටද කියලයි. ඒ වගේම අයිස් කන්ටේනර් පනහක් ඔලුව උඩ ගෙනත් තිබ්බත් ඔහු ආණ්ඩුවට විරුද්ධව කතා කරන දේ නවත්තන්නේ නැති බව සඳහන් කර තිබුණි.