පවුලම කෝවිලට ගිහින් ඉන්නකොට ගෙදරට හොරු පැනලා - නිවැසියන් එනකොටත් ගෙදරම සුද්ද කරලා.
Sri Lanka Police
Jaffna
Sri Lanka Police Investigation
Money
Gold
By krishani
ඊයේ (05) යාපනයේ කරණවායී ප්‍රදේශයේ පවුලක් කොවිලේ වාර්ෂික මංගල්‍යයට ගොස් තිබෙනවා.
ඉන් පසුව ආපසු ඔවුන් නිවසට පැමිණෙන විට පිරිසක් විසින් ඔවුන්ගේ නිවසේ භාණ්ඩ පැහැර ගෙන තිබෙනවා.
ඒ නිවසේ වහලය ගලවා දමා ඉන් ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවට වාර්තා වන්නේ.
එම නිවසට ඇතුළු වූ පිරිස රන් පවුම් 11ක් හා තවත් ස්වරණාභරණ කිහිපයක් මෙන්ම රුපියල් 75000ක මුදලක් ද පැහැර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.
