විශේෂ නිවේදනයක්, මේ දුම්රියන් දෙක මේ දවස් 3 නේ ධාවනය නොකෙරේ
පේරාදෙණිය සිට මහනුවර අතර පිහිටි ගැටඹේ දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන හදිසි නඩත්තු කටයුත්තක් නිසා එළඹෙන මස 5,6 සහ 7 යන දිනවල දුම්රියන් දෙකක් පමණක් පේරාදෙණිය සහ මහනුවර අතර ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව ටිකිරි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන් දෙක පමණක් මෙලෙස අදාළ දිනවල ධාවනයේදී සීමා පැනවෙන බවයි.
එසේම අඳාළ දුම්රියන්වලින් මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණෙන මගීන්ට බස් රථ ඔස්සේ ප්‍රවාහන පහසුකම් ලබාදෙනු ඇති බව සඳහන්.
තවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බදුල්ල සිට පැමිණෙන උඩරට මැණිකේ දුම්රිය දහවල් 12.58ට පේරාදෙණියට පැමිණ විනාඩි 32ක කාලයක් එම දුම්රිය ස්ථානයේ නවත්වා තබා 11.30ට පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් මහනුවර තෙක් ධාවනය කර මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන බවයි.