ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

Report

නව ආණ්ඩුවෙන් ශ්‍රි ලාංකික ශ්‍රමික ප්‍රජාවට ඉහළ වැටුප් හා ගුණාත්මක රැකියා ලබාදීමට සිදුකරන වැඩපිළිවෙලට එකගතාවය පළකිරීමෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක් මේ වන විට ලැබෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව දකුණු කොරියාවේ සෘතුමය රැකියා කාණ්ඩ (E-8) යටතේ රැකියා ශ්‍රී ලංකාවට ලබාගැනීමට කොරියාවේ බෝසොං පළාත් පාලන ආයතනය හා පැවති සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

එසේම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බව‍යි.

ඒ අඳාළ කැබිනට් මණ්ඩල යෝජනාව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරිපත් කර ඇත.

මෙහි යෝජිත අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සෘතුමය රැකියා වැඩසටහන යටතේ, කෙටි කාලයක් (උපරිම මාස 8) දක්වා බොංසොං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කිරීමට අවස්ථාව හිමි වෙන බව සඳහන්.

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

කොරියානු රජයේ E-8 වීසා කාණ්ඩය යටතේ මෙරට ශ්‍රමිකයින් යෙදවීම පහසුකිරීමට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට හා ඒ සඳහා උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන සමග සාකච්ඡා කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා මීට පෙර එනම් 2025.02.19 හා 2025.07.01 දිනයන්හි ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත්‍රිකා සඳහා අනුමැතිය හිමි වි ඇති බව සඳහන්.

ඒ සමඟ මින් පෙර 2025.07.01 දින දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත සමග ධීවර හා කෘෂි අංශයේ රැකියා වෙනුවෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමටද අනුමැතිය හිමිව ඇත.

කාර්යාංශය පවසන්නේ ඒ අනුව අදාළ ගිවිසුම් අත්සන් කිරීම් සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බවයි.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

එසේම කාර්යාංශය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රමිකයින් බඳවාගන්නා ආකාරය හා ඊට අවශ්‍ය පහසුකම් සම්බ්නධයෙන් ජනතාවට තොරතුරු දැනුම් දෙන අතර, එතෙක් රජයේ නිල නිවේදනවලට පමණක් අවධානය යොමුකරන ලෙස‍යි.

තවද විවිධ ප්‍රචාරණයන් සිදුකරමින් රැකියා අපේක්ෂිතයින් මුලා කරමින් මූල්‍ය වංචාකරන පුද්ගලයින්ට හසුනොවන මෙන්ද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන්.

ජපන් වාහනවල මිල ගණන් වලට වෙනදේ ගැන ඇහෙන හිතාගන්න බැරි කතාව

ජපන් වාහනවල මිල ගණන් වලට වෙනදේ ගැන ඇහෙන හිතාගන්න බැරි කතාව