නෝටන්බ්‍රිජ්හිදී වෑන් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි – තිදෙනෙකුට තුවාල
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් වූ නෝටන්බිජ් විහාරස්ථානයේ මායිම් බැම්ම වෙත පෙරලී නතර වී තිබෙනවා.
මෙලෙස ප්‍රපාතයකට පෙරළී ඇත්තේ තේ වත්තක ඉඩමකට පිවිසෛන මාර්‌ගයක ධාවනය වූ වෑන් රථයක්.
නෝටන්ට්‍රිජ් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් තමන් පානීය ජලය ලබා ගන්නා ජල නළයේ ජලය නොපැමිණෙන නිසා එම ජල මූලාශ්‍ර සවි කර ඇති ටැංකිය බැලීමට වෑන් රථයේ පිරිසක් ගමන් කර ඇති අතර එම පිරිස ගමන් ගත් වාහනයයි මෙසේ අනතුරට පත් වී ඇත්තේ.
අනතුරින් එම වැන් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව වටවල පොලිසියේ නිළධාරීන් ප්‍රකාශ කළා. අනතුරින් වෑන් රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇති අතර අනතුර පිළිබඳ වටවල පොලිසියේ නිළධාරීන් වැඩිදුර පරික්ෂණ සිදු කිරීමට නියමිතයි.