මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල අර්බුදයක් ද?
බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI සහ IDB ආදී ප්‍රදේශ රැසකට ජල සම්බන්ධතා 16,977කට නල ජලය සපයමින් සිටී.
එම අතර, විදුලිබල උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස නිදහස් කර ඇති බවට පළවන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ජලාශවල ජලය විශාල ප්‍රමාණයෙන් විදුලිබල නිෂ්පාදනය සඳහා භාවිත කිරීම හේතුවෙන්, මේ වන විට මහනුවර, කුණ්ඩසාලේ සහ දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වීමේ අවදානමක් උද්ගතව ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ජල සැපයුමට බාධා ඇතිවීමේ ඉඩකඩක් පවතින අතර, ජනතාව අතර කනස්සල්ලක් ද මතුව තිබේ.
'මහනුවර ජල සම්බන්ධතා 17,000ක්' මැයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත්කළ නිවේදනය,
බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී ප්‍රදේශ ආවරණය කරමින් ජල සම්බන්ධන 16,977ක් සඳහා නල ජල සැපයුම් ලබා දී ඇත.
මෙම ජල සම්පාදන ක්රමයේ තුළුමුව (Intake) වික්ටෝරියා ජලාශය තුළ වූ පොන්ටුන් මත සවිකල පොම්ප යොදාගෙන ක්‍රියාත්මක කරනු ලබයි.
කෙසේ නමුත් පසුගිය දිනවල පැවැති දැඩි නියඟ තත්ත්වයන් යටතේ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ ගිය අතර, 'දිට්වා' කුණාටුවට පසුව මෙම පොන්දූන් ක්‍රියාත්මක ප්‍රදේශ තුල දැඩි ලෙස මඩ තැන්පත් වීම හා එයට ඉහළින් තැන්පත් වූ මඩ ගලාඒමත් නිසා වරින්වර පොම්ප ක්‍රියාකිරීම හා පිරිපහදු ක්‍රියාවලිය දින 10ක පමණ (06.04.2026 සිට 15.04.2026) කාලයක් දැඩි ලෙස අඩපණ වීම සිදුවිය.
ඒ සඳහා අප මණ්ඩල මඟින් තාවකාලික වේල්ලක් ඉදිකර ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කල අතර මේ වන විට ජල පිරිපහදු ක්‍රමය යථා තත්ත්වයට පත්කර අදාළ සේවා ප්‍රදේශවලින් බොහොමයක් ආවරණය වන ලෙස ජලය සැපයුම් යථාවත් කිරීමට කටයුතු කොට ඇති අතර අවශ්‍යතාව මත බවුසර් මගින් ද ජලය සැපයෙනු ඇත.
තවද ඉදිරියේදී මෙවැනි තත්වයකට මුහුණදීම සඳහා අමතර සහයක් වනු පිණිස වික්ටෝරියා ජලාශය තුල වන හාරගම ප්‍රදේශයේ පිහිටි ජල තටාකය යොදා ගෙන (225mm HDPE), 2km පමණ නල මාර්ගයන් මගින් අමු ජලය ජල පවිත්‍රාගාරය වෙත යොමු කිරීමට අවැසි කටයුතු මේ වනවිට ක්‍රියා වෙමින් පවති.
මෙම කටයුතු තව දින 2-3 ක කාලයක් තුල අවසන් කිරීමට අපේක්ෂිතය. මේ වනවිට බලගොල්ල ජල පවිත්‍රාගාරය අමු ජල පොම්ප ක්‍රියා කරවීමේ ගැටලුව විසදා ජලය බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇත.