බස් එකේ දී නාඳුනන පුද්ගලයින් සමඟ ගනුදෙනු පරිස්සමින්

Report

කෙටි ආහාර හා බීම වර්ගයක් ලබා දී මුදල් හා රන් භාණ්ඩ සොරකම් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අප්‍රේල් මස 02 දින රාත්‍රී අනුරාධපුර බස් නැවතුම්පලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකු කෙටි දුරක් ගමන් කිරීමේදී එම බස් රථයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් ලබාදෙන ලද කෙටි ආහාර වර්ගයක් ආහාරයට ගෙන, බීම වර්ගයක් පානය කර ඇත.

එම අවස්ථාවේ කාන්තාවන් තිදෙනා සිහිසුන් වී ඇති අතර නාඳුනන පුද්ගලයා විසින් එම කාන්තාවන්ගේ රුපියල් දාහත් ලක්ෂ හයදහස් හාරසියයක් වටිනා මුදල් හා රන්භාණ්ඩ සොරකම් කර ගෙන පිටව ගොස් ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සොරකම සිදුකල සැකකරු පසුගිය (17) දින සවස පණ්ඩුලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 54ක් වන සාලියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද ප.ව. 1න් පසුව මෙම ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම්

අද ප.ව. 1න් පසුව මෙම ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම්


මහජනතාව පොදු ප්‍රවාහන සේවා මඟින් ගමන් කිරීමේදී නාඳුනන පුද්ගලයින් සමඟ ඇති කර ගන්නා හිතවත්කම් මත ඇතැම් අවස්ථාවල ඔවුන් විසින් මත්වන ද්‍රව්‍ය සහිත කෙටි ආහාර හා පාන වර්ග ලබාදීම සිදුකරනු ලබයි.

එවැනි නාඳුනන පුද්ගලයින් ලබාදෙන ආහාර හෝ පාන වර්ග ලබා ගැනීමේදී ඉතා සැලකිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසට මීට පෙර කිහිප අවස්ථාවකම පොලීසිය මඟින් දැනුවත් කර ඇති අතර මෙවැනි වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙස පොලීසිය මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

උත්සව සමයේ වැඩට බැස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු - රට වටාම වැටලීම්

උත්සව සමයේ වැඩට බැස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු - රට වටාම වැටලීම්