ජේලර්වරියගේ ඝාතන කොන්ත්‍රාත්තුව එළියට.

Sri Lanka Police Crime Murder
By Piyumika May 14, 2024 09:19 AM GMT
Piyumika

Piyumika

Report

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් විසින් එහි රඳවා සිටි කාන්තා රැඳවියකට ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබාදීම පිළිබඳ පුවතක් සම්බන්ධව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නොයෙකුත් අපරාධ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැඳවියකුට අදාළ ජේලර්වරිය විසින් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවට අදාළ නියාමකවරිය විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය දුන්නු තීරණය මෙන්න.

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය දුන්නු තීරණය මෙන්න.


එම කොන්ත්‍රාත්තුව ලැබූ කාන්තා රැඳවිය විසින් වෙනත් කාන්තාවකට තමාට මෙලෙස ජේලර්වරිය විසින් නියාමකවරිය ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවට පවසා ඇති අතර එම කාන්තාව එය නියාමකවරියට දැනුම් දී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

.........................................................

May you Like


ReeCha