ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය දුන්නු තීරණය මෙන්න.
ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම පනත් කෙටුම්පතෙහි මුලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය මාර්තු 25 වන දී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී හිමිවිය.
ඒ අනුව නීතිපති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනයන් ද ඇතුළත් කරමින් විධිමත් පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දී අතර පසුව සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.
අනතුරුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
....................................
May you Like