ප්‍රහාරයට තැන, වේලාව තීරණය කරන්නේ ඉන්දීය හමුදාව

By Hashini Apr 30, 2025 05:58 AM GMT
Report

පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබෙනවා.

ඒ පසුගිය දා කාශ්මීරයේ දී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්ය.

ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇත්තේ ඊයේ නවදිල්ලි හිදී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යනවනම් මේ දේ දැනගෙන යන්න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යනවනම් මේ දේ දැනගෙන යන්න

මේ සඳහා ඉන්දීය හමුදා ප්‍රධානීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං මහතා ද එක්ව තිබුණි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

ඒ පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමින්ය.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවය.  

පොස්පේට් සමාගමෙන් රජයට මිලියන 2700ක පාඩුවක්

පොස්පේට් සමාගමෙන් රජයට මිලියන 2700ක පාඩුවක්