පොස්පේට් සමාගමෙන් රජයට මිලියන 2700ක පාඩුවක්
ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදු කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ බවයි.
නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනවලට අවශ්‍ය නියෝග පොලීසිය විසින් ලබාගෙන තිබෙන බව වාර්තා වනවා.