හිටපු කතානායකවරයෙක් මහජන මුදලින් මාසෙකට ලක්ෂ තුනහමාරක කාලා

By Shehan Oct 18, 2025 07:27 AM GMT
Report

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැවැත්වූ විගණනයේදී හිටපු කතානායකවරයකුගේ ධූර කාලයේදී මාසික කෑම බිල රුපියල් ලක්ෂ 3.5කට (රු. 350,000) ළඟා වී ඇති බව හෙළි වී ඇත.

මෙම විගණන වාර්තාව වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඉකුත්දා බාර දුන්නේය.

මෙම වාර්තාවෙන් පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයකින්ම අක්‍රමිකතා සහ වැඩිදුර වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර ඇත. මෙම වාර්තාව ඉදිරි දිනවලදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාසල් විශේෂ නිවාඩු - සෙනසුරාදා පාසල් පැවැත්වේ

පාසල් විශේෂ නිවාඩු - සෙනසුරාදා පාසල් පැවැත්වේ

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට මාස කිහිපයකට පෙර වැඩබලන විගණකාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ විගණනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව මෙම විමර්ශනය සිදුවූ අතර, එහි සම්පූර්ණ වාර්තාව මීට දින කිහිපයකට පෙර කතානායකවරයාට භාර දී ඇත.

වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාගෙන් සිදුකළ විමසුමකදී ඔහු පැවසුවේ, මෙම විගණනය පාර්ලිමේන්තුවේම ආචරණයන්ට අනුකූලව සිදුකරන ලද බවයි. මෙම වාර්තාවෙන් හෙළිවන තොරතුරු රජයේ මූල්‍ය කළමනාකරණය සහ පාර්ලිමේන්තු පහසුකම්වල අක්‍රමිකතා ගැන වැදගත් ආලෝකයක් එල්ල කරයි.

විගණන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු, එහි හඳුනාගත් ගැටලුවලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයා විසින් අදාළ අංශවලට එය යොමුකරනු ඇත. ඒ සඳහා නීතිඥවරුන්ගෙන් සහ නීති අංශවලින් උපදෙස් ලබාගැනීමද සිදුවනු ඇතැයි කතානායක කාර්යාලය සඳහන් කර ඇත.

සුභ ආරංචියක් - රන් මිල පහලට

සුභ ආරංචියක් - රන් මිල පහලට

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට විෂය සංශෝධනය සඳහා විශේෂ අවස්ථාවක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට විෂය සංශෝධනය සඳහා විශේෂ අවස්ථාවක්