පාසල් විශේෂ නිවාඩු - සෙනසුරාදා පාසල් පැවැත්වේ
අඟහරුවාදා (21) දින දීපාවලි උත්සවය වෙනුවෙන් මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.
අදාළ පළාත්වල පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර දීපවාලි උත්සවය එළැඹෙන සඳුදා (20) දිනට යෙදී ඇත.
ඒ අනුව අඟහරුවාදා දිනයේ නිවාඩු ලබාදෙන සියලුම දෙමළ මාධ්‍ය පාසල් පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ, එළැඹෙන සෙනසුරාදා (25) පාසල් පවත්වන ලෙසය.