නැන්දා ගෙදර නැති වෙලේ 11 හැවිරිදි දැරියට මාමා කරපු අපරාධය

Sri Lanka Police Child Abuse Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 09, 2025 01:44 AM GMT
Hashini

Hashini

Report

 11 හැවිරිදි බාල වයස්කාර දැරියක් සිය මාමා විසින් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ සිදුවීමක් තණමල්විල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සැකකාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් පාසැලක 6 වැනි ශ්‍රේණියේ දරුදැරියන් සඳහා එම පාසැලේ විනයභාර ගුරුවරිය විසින් දරුවන්ට සිදුවන අපචාර සහ හිරිහැර ගැන දැනුවත් කිරීමේ දේශනයක් පවත්වා තිබෙනවා.

අද ලග්න පලාපල – 2025 ජූලි 09 | අද ලග්න පලාපලය කියන අමුතුම සීක්‍රට් එක මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 09 | අද ලග්න පලාපලය කියන අමුතුම සීක්‍රට් එක මෙන්න

එහිදී දරුවන් දැනුවත් කර ඇත්තේ කිසියම් දරුවෙකුට මෙවැනි කරදර සිදුවී ඇත්නම් තමාව දැනුවත් කරන ලෙසයි.

හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11හැවිරිදි දැරියක් පැමිණ ඇයට ලිපියක් ලබාදී ඇති අතර, එහි සඳහන්ව තිබී ඇත්තේ අදාළ දැරියට සිදුවූ ලිංගික හිරිහැරයක් සම්බන්ධයෙන්.

ඒ සම්බන්ධයෙන් පාසැලේ විනයභාර ගුරුවරිය විසින් ඒ බව පාසැලේ විදුහල්පතිවරයා දැනුවත් කර ඇති අතර විදුහල්පතිවරයා විසින් තණමල්විල පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අදාළ දැරිය පොලිසියට ගෙන්වා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එහිදී දැරිය තමාව අවස්ථා කීපයකදීම අපයෝජනයට ලක් වූ බව පවසා තිබෙනවා.

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

රිය පොලිසියට පවසා තිබෙන්නේ තමා දිනක් උපකාරක පන්තියකින් යලි නිවසට රැගෙන යාම සඳහා මාමා යතුරුපැදියෙන් පැමිණි අතර, අසල වෙළෙඳසැලකින් තමාට ලොලිපොප් දෙකක් රැගෙන දී මාමාගේ නිවසට රැගෙන ගිය බවයි.

තම පියාගේ නැගනිය වන නැන්දා එදින නිවසේ සිට නොමැති අතර එම අවස්ථාවේ මාමා තමාට කාමරයට යන ලෙස පැවසුවත් තමා එය ප්‍රතික්ෂේප කළ බවයි දැරිය පවසා ඇත්තේ.

එහිදී මාමා තමාව බලෙන් ඔසවාගෙන කාමරයට රැගෙන ගොස් තමාව අපයෝජනයට ලක් කළ බවත් දැරිය පවසා තිබෙනවා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

ඒ දැරිය පවසා ඇත්තේ මෙලෙස දැරිය අවස්ථා කිහිපයදීම සිය මාමා විසින් අපයෝජනයට ලක් කර ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ දැනුවත් කළහොත් ඇය සහ ඇගේ මව ඝාතනයට ලක් කරන බවට ද තර්ජනය කළ බවයි.

එමෙන්ම දැරිය අපයෝජනයට ලක් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් දැනුවත් නොකරන ලෙසට දන්වා දැරියට රුපියල් 100ක්ද ලබා දුන් බව දැරිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

පසුව දැරිය තණමල්විල රෝහලට ඇතුලත් කර වැඩිදුර වාර්තා ලබාගැනීම සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. 

ගුවන් යානයක් නිසා තවත් අනතුරක්

ගුවන් යානයක් නිසා තවත් අනතුරක්

ReeCha