තායිලන්ත අගමැතිනියව ධූරයෙන් නෙරපයි

Report

තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අග්‍රාමාත්‍ය පේටොංටාන් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra) ධුරයෙන් ඉවත් කිරීමට නියෝග කර ඇත.

කාම්බෝජ හිටපු නායක හුන් සෙන් (Hun Sen) සමඟ ඇය කළ දුරකථන සංවාදයක තොරතුරු හෙළිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සංවාදයේදී ඇය තායිලන්ත හමුදා නිලධාරියෙකු ගැන විවේචනාත්මකව කතා කර ඇති අතර, එය ජාතික ආරක්ෂාවට හානිකර ලෙස සලකා ඇත.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආචාර ධර්ම පිළිබඳ විධිවිධාන උල්ලංඝනය කළ බවට තීරණය කිරීමෙන් පසු, අධිකරණය 2025 අගෝස්තු 29 වන දින 6-3 ඡන්දයකින් ඇයව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට නියෝග කළේය. මෙම තීරණයත් සමඟ ඇගේ කැබිනට් මණ්ඩලයද විසුරුවා හරින ලදී.

මෙම පියවර තායිලන්තයේ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් උත්සන්න කරනු ඇතැයි විචාරකයෝ පවසති. 

හිටපු ජනාධිපතිලාගේ විශ්‍රාම වැටුප් අහෝසියි කියන කතාවට ෆුල්ස් ස්ටොප් - නීතිපති අධිකරණයට දන්වයි

හිටපු ජනාධිපතිලාගේ විශ්‍රාම වැටුප් අහෝසියි කියන කතාවට ෆුල්ස් ස්ටොප් - නීතිපති අධිකරණයට දන්වයි

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න