කොළඹ ජන විරෝධයක් - බ්‍රෝකර් මාෆියාව ඉවසීමට නොහැකිව පාරට ආ ජනතාව [PHOTOS]
කොළඹ ජන විරෝධයක් - බ්‍රෝකර් මාෆියාව ඉවසීමට නොහැකිව පාරට ආ ජනතාව කුළියට ඉන්න ජනතාවගේ දෛනික ජීවිතය අර්බුදයට ගත් බ්‍රෝකර් මාෆියා කටයුතු වලට විරෝධය ඉදිරිපත් කරමින් “කුළියට ඉන්න අපි...” නම් ජනතාවගේ සන්ධානයක් අද (21) උදෑසන 10.00ට කොළඹ ගෝල්ෆේස් පිටියේ ඉදිරිපිටදී විරෝධතාවක් ආරම්භ කළේය.
මෙම විරෝධතාවය මඟින් නිවසක් නොමැතිව කුලී නිවාසවල ජීවත් වන පවුල් අය හා නීතිවිරෝධී බ්‍රෝකර් ක්‍රියාවලියවලට එරෙහිව තම හඬ ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබුණි.
ඔවුන්ගේ විරෝධයට හේතුව ලෙස ඔවුන් ඔවුන්ගේ සමුහයේ තැබූ සටහනක් පහතින්,
හිතවත් කුළී නිවාස හිමි මහත්වරුනි..නෝනා වරුනි..
ඔබ දුක් මහන්සියෙන් නිවසක් ගොඩ නැගූ නිවස නිසයි ඔබ යම් මුදලක් උප යන්නෙත්..
අපි නොතෙමී දරුවන් සමග ජීවත් වන්නේ.. එයට අප හදවත් පුරා ස්තුති වන්ත වෙමු..🙏
නමුත් අප ඔබෙන් කාරුනික ඉල්ලීමක් මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.. කරුනාකර ඔබගේ නිවස කුලියට දෙද්දී බ්‍රෝකර් සතුන්ගේ සහය ලබා නොගැනීමට කාරුනික වන්න..අප ඔබ විශ්වාස කොටගෙන ඔබේ සෙවනට පැමිනින්නේ ඔබ කෙරෙහි වූ අප්‍රමාන විශ්වාසයෙනි...මක්නිසාද..අපගේ දරුවන්ගේ ඉගෙනීම..අපගේ රැකියා කටයුතු ඇතුළු සියල්ලෙහි පැවැත්ම ඔබ කෙරෙහි සහ ඔබගේ කරුනාවන්ත භාවය පිලිබදව අප විශ්වාසය තබා ගෙනය. ඉතින්..ඔබ බ්‍රෝකර් සතුන් මේ සදහා මේ සදහා මැදිහත් කරගත් විට..අපි කබලෙන් ලිපට වැටේ..අපි අමාරුවෙන් එකතු කර ගත් මුදලට ඔබට යම් අත්තිකාරමක් ලෙස කුලියක් ලෙස ලබා දීම අපට සතුටින් කල හැක..මක් නිසාද එතැන් පටන් මා..මගේ..බිරිද..දරුවන්ගේ..ජීවිතවල ආරක්ශාව..ඔබ සුරතට පත්වන බැවිනි.. බ්‍රෝකර් සතා මෙයට මැදිහත් වූ විට..අපි දහදියෙන් තෙත් වූ මුදලින් කොටසක් කිසිදු හිරකිතයකින්..ඩැහැ ගනී..මාස් පතාද ඔබෙන් තබා ගත් කොමිස් මුදල ලබා ගනී.තවද ඌ කියන විදියටද අප නැටිය යුතුය.. ඉතින් මහත්මයානනි, මේ ගසා කෑමට අපව හසු කරගන්නට ඔවුන්ට ඉඩ දෙන්නට එපා..ඇත්තටම ඔබත් මාත් අතර බ්‍රෝකර් අවශ්‍යම නැත.. මෙවැනි සමාජ මාද්‍ය සමූහ ඕනෑ තරම් තිබේ..ඒවා වල ඔබේ නිවස පිලිබද පල කරන්න..නිවස ඉදිරිපිටද කුඩා දැන්වීමක් එල්ලා තබන්න... කරුනාකර මේ ගසා කෑමෙන් අප නිදහස් කර ගන්න ඔබට හැකි උපරිම කරන්න.. කුලී නිවස ලබා ගන්නා අපද එය නිසියාකාරව..පිරිසිදුව පාවිච්චි කිරීම සහ හරි වෙලාවට කුලී මුදල ඔබ වෙත ලබා දීමටද බැදී සිටිමු.. අවසන් වශයෙන්..මෙම මාසයේ නොබෝ දිනකින් අප ගරු ජනාධිපතිතුමා හමු වී බ්‍රෝකර් මාෆියාව පිලිබද එතුමන් සමග සාකච්ජා කොට ඉක්මන් විසදුමක් ලබා ගැනීමට අදහස් කර සිටිමු.. ඉතින්..සාධාරන මුදලකට..සාධාරන අත්තිකාරම් මුදලට..ලොකු හෝ කුඩා ඕනෑම නිවසක් මූලික අවශ්‍යතා සපිරෙන පරිදි සකසා අප වෙත කුලියට ලබා දුන් ඔබ සැමට ජය වේවා..තවත් නිවාස ගන්නනාවක හිමිකාරිත්වය..
මිනිස්කම පිරිනු ඔබට ලැබේවා..
ස්තුතියි.. කැදවුම් කරු..
කුළියට ඉන්න අපි..සමූහය..✒️














