මයිනා ගෝ ගම ඉවත් කිරීමට සැරසෙයි..! දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..(LIVE VIDEO)

By Sewvandhi May 04, 2022 09:44 AM GMT
Report

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ.

අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව මෙම විරෝධතාකරුවන් හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා මෙම නියෝග නිකුත් කර තිබේ. 

මේවන විට අදාළ අධිකරණ නියෝගය පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ

. "පදික වේදිකාව භාවිත කරන මහජනතාවට හා මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවට කරදර හා බාධා නොවන ආකාරයට සිදුකරනු ලබන සාමකාමී උද්ඝෝෂණ සඳහා මෙම නියෝගය බාධාවක් නොවන බවට ද ආඥාකමි." යනුවෙන් මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery