ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්

Report

හැටන් දික්ඔය නගර සීමාව තුළ ත්‍රී රෝද රථ කුලී ගමන් වෙනුවෙන් ඉතාමත් අධික මුදලක් අය කරන බව පවසා සෑම ත්‍රිරෝද රථයකටම මීටර සවි කිරීමට හැටන් දික්ඔය නගර සභාව ඉකුත් දින පැවති මහ සභාවේදී පක්ෂ හා විපක්ෂයේ කැමැත්ත මත ඒකමතිකව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා, කොවිඩ් වසංගත සමය වැඩිවුණු ත්‍රිරෝද රථය කුලී ගමන් මුදල් අය කිරීමේ ප්‍රමාණය තවමත් පවත්වාගෙන යමින් මහජනතාවට දැඩි පීඩාවක් එල්ල වන අන්දමින් ත්‍රීරෝද රථවල මුදල් අය කරන හෙයින් එයට සාධනීය විසඳුමක් ලෙස ලබන මස සිට කුලී ගමන්වලට යොදවන ත්‍රීරෝද රථ සියල්ලේම මීටර් සවිකිරීම අනිවාර්ය කර ඇති බව සඳහන් කළා.

‘අපි තවත් නිහඬ නැහැ’ - ග්‍රාම නිලධාරි සංගමයෙන් රජයට අනතුරු ඇඟවීමක්

‘අපි තවත් නිහඬ නැහැ’ - ග්‍රාම නිලධාරි සංගමයෙන් රජයට අනතුරු ඇඟවීමක්

එසේම මේ පිළිබඳව මහජනතාව හැටන් දික්ඔය නගර සභාවේ යෝජනාවකට අනුව දියත් කරන්න යන මෙම ක්‍රමවේදය බෙහෙවින් අගය කරයි.

තවද කොවිඩ් වසංගත කාලයේදී අත්‍යවශ්‍ය ගමන් බිමන්වලට ත්‍රී රෝද රථයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකදී ත්‍රීරෝද රථ රියදුරන් හිතුමතේ තමන්ගේ කුලී මුදල් අය කිරීමට කටයුතු කළ බවත් ඉන් පසුවත් අඳාළ මුදල් කිසිදු වෙනසකින් තොරව මේ වන විටත් අය කරන බවත් ඔවුන් සඳහන් කළා.

එබැවින් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන් මෙවන් වූ යෝජනාවක් මත හෝ ත්‍රීරෝද රථ කුලී මුදල් අයකිරීම් පිළිබඳව පාලන මිලක් යෙදවීම ඉතාමත් ප්‍රයෝජනවත් බවත් පැවසුවා.

අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් - අලුත්ම මිල ගණන් මෙන්න

අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක් - අලුත්ම මිල ගණන් මෙන්න

එමෙන්ම මෙලෙස කුලී ගමන් යන ත්‍රී රෝද රථවලට මීටර් සවිකිරීම සම්බන්ධයෙන් රියදුරු මහතුන් කියා සිටියේ අධික කඳු පෑවම් සහිත මාර්ග සහ අබලං වූ මාර්ග හැටන් දික්ඔය ප්‍රදේශයේ පවතින හෙයින් එම මාර්ගවලට සරිලන ආකාරයට සාධාරණ මුදලක් තීරණය කර මීටර් සවිකිරීමට කටයුතු කරනවා නම් නගර සභාවේ යෝජනාවට එකඟ වන බවයි.

එමෙන්ම එවන් වූ අබලං මාර්ගවල ගමන් කිරීමේදී වාහනවලට දැඩි වශයෙන් හානි සිදුවන නිසා හා වාහන අමතර කොටස්වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි.

එනිසා ඒ පිළිබඳවද අවධානය යොමුු කොට අධික කඳු බෑවුම් සහිත මාර්ගවල යෑමේදී තෙල් පිච්චෙන ප්‍රමාණයද සලකා බලා සාධාරණ මිලක් තීරණය කරන්නේ නම් පමණක් තමන්ට මෙම රැකියාව ඉදිරියට කරගන්නට හැකි බවද ඔවුන් පවසයි. 

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න