‘අපි තවත් නිහඬ නැහැ’ - ග්‍රාම නිලධාරි සංගමයෙන් රජයට අනතුරු ඇඟවීමක්

Report

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ග්‍රාම නිලධාරී සේවය සඳහා අත්තනෝමතික ලෙස නිකුත් කර ඇති සේවා ව්‍යවස්ථාව වහාම අහෝසි නොකළහොත්, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අනතුරු ඇඟවීය.

එසේම, රජය විසින් විදුලි බල මණ්ඩලය හා තැපැල් දෙපාර්තමේන්තුව මෙන් ග්‍රාම නිලධාරීන් ද මර්දනය කිරීමට උත්සාහ කළහොත්, රජයට බලයෙන් ඉවත් වීමට සිදුවන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා අවධාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීය.

ග්‍රාම නිලධාරී සේවය සඳහා නිසි සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන ලෙස වසර 20කට වැඩි කාලයක් ඉල්ලීම් කළද, වෘත්තීය සමිතිවලට දැනුම් දීමකින් තොරව අමාත්‍යාංශය 2024 අගෝස්තු මාසයේදී සහ ඔක්තෝබර් 22 වැනිදා පැරණි ගැසට් පත්‍රයට සමාන අත්තනෝමතික ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

නාමල් රාජපක්ෂගේ ජීවිතයට අනතුරක් - රජය තුළ සැක සහිත සූදානමක්? - නීතිඥ මනෝජ් ගමගේ

නාමල් රාජපක්ෂගේ ජීවිතයට අනතුරක් - රජය තුළ සැක සහිත සූදානමක්? - නීතිඥ මනෝජ් ගමගේ

මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලිඛිතව පොරොන්දු වූයේ එම ගැසට් පත්‍රය අහෝසි කර, වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර සංශෝධන සහිතව නැවත නිකුත් කරන බවයි. එහෙත්, එම පොරොන්දුව කඩ කරමින් නව ගැසට් පත්‍රය නිකුත් කිරීම "මහා අසාධාරණයක්" බව නෙවිල් විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ග්‍රාම නිලධාරී සේවය කාර්යාල හා ක්ෂේත්‍ර නිලධාරී සේවයක් ලෙස නම් කර, MN 5 වැටුප් ක්‍රමයට සමාන GN වැටුප් තලයක් පිහිටුවන බවට ලබාදුන් පොරොන්දුද කඩකර ඇති බව ඔහු සඳහන් කළේය.

 

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා ප්‍රකාශ කළේ, මෙම අත්තනෝමතික ගැසට් පත්‍රය මගින් පරිපාලන නිලධාරීන් රජය පවා නොමඟ යවා ඇති බවයි.

මෙම ගැසට් පත්‍රය ඉවත් කර, සංශෝධන සහිතව නැවත ප්‍රකාශයට පත් නොකළහොත්, වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්, අවශ්‍ය නම් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග නැවත සක්‍රීය කරන බවත් නෙවිල් විජේරත්න සහ සුමිත් කොඩිකාර මහත්වරු තරයේ අවධාරණය කළහ. 

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

අද දවසේ මේ ලග්නවලට සුබම සුබයි අතමිට සරු වෙලා වස්තුව උතුරයි

අද දවසේ මේ ලග්නවලට සුබම සුබයි අතමිට සරු වෙලා වස්තුව උතුරයි