බදු ගෙවන්න ආස හිතෙන මැෂිමක් ගේනවා.. බදු එකතු වුනාම සහන ගොඩක් දෙන්න පුළුවන්ලු!

Report

 බදු ගෙවන්නන් තුළ බදු ගෙවීමට ආශාවක් ඇති කරන යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ජනතාව බදු ගෙවීමට අකමැති වන්නේ, පාලකයන් බදු මුදල් අවභාවිත කරන බවටත්, ඒවා විනාශ කරන බවටත් දිගු කලක් තිස්සේ එල්ල වන චෝදනා හේතුවෙන් බව ඔහු සඳහන් කළා.

චාමර සම්පත්ට ඇප (UPDATE)

චාමර සම්පත්ට ඇප (UPDATE)

කෙසේ වෙතත්, තම පාලනය යටතේ එවැනි වැරදි සිදු නොවන බැවින් වැඩි බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකි වන බව ඔහු ප්‍රකාශ කළා.

එමඟින් ජනතාවට මීට වඩා වැඩි සහන ලබා දිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

කොළඹ පැවති උත්සවයකදී ඔහු මේ අදහස් පළ කළේය.