චාමර සම්පත්ට ඇප (UPDATE)

Report

දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අද (27) දින ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මතමුදා හැරීමට නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර ඇත. ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහරිණ ලෙසත් මහේස්ත්‍රාත් වරිය නියම කළේය.

---------------------

චාමර සම්පත් අත්අඩංගුවට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

''Jason Cody ට කළින් කොල්ලෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළා කියා දන්නවා ද? (PHOTO)

''Jason Cody ට කළින් කොල්ලෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළා කියා දන්නවා ද? (PHOTO)

චාමර සම්පත් අල්ලස් කොමිසමට -------- (UPDATE) 

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් මේ වන විට අල්ලස් කොමිෂන් සභාව ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඔහු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ටයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කරන බව පැවසෙනවා.

වාහන ආනයනය ගැන අමෙරිකාවෙන් දැඩි තීරණයක් ගනී!

වාහන ආනයනය ගැන අමෙරිකාවෙන් දැඩි තීරණයක් ගනී!