බදු බර වැඩි වෙන නව වසරක් - හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වෙන්නේ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..

Sri Lanka Economic Crisis Government Of Sri Lanka Economy of Sri Lanka Income Tax Department Value Added Tax​ (VAT)
By krishani Dec 31, 2023 04:17 PM GMT
krishani

krishani

Report

වැට් බද්ද ඉහළ නැංවීම සඳහා ගෙන ආ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පසුගිය 11 වෙනිදා සම්මත විය.

බදු බර වැඩි වෙන නව වසරක් - හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වෙන්නේ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Tax Increases In 2024

ඒ අනුව හෙට (01) සිට මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 18% තෙක් ඉහළ යයි.

එහිදී විශේෂත්වයක් වන්නේ මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා මෙම වැට් බදු වැඩිවීම සිදු වීමයි.

ජනවාරියේ සිට හැමෝටම අනිවාර්ය අංකයක් - වැඩේ වෙන්නේ මෙහෙමයි..

ජනවාරියේ සිට හැමෝටම අනිවාර්ය අංකයක් - වැඩේ වෙන්නේ මෙහෙමයි..


ඒ අනුව LP ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද නව වැට් බද්දට යටත් වේ.

එමෙන්ම සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන් රථ ආනයනය සඳහා ද වැට් බද්ද අයත් වේ.

රසායනික පොහොර හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ද සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභාරණ, මෘදුකාංග, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා දියර කිරි සඳහා ද වැට් බද්ද වැඩි වේ.

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..


පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිමකරන ලද සම්භාණ්ඩ, චිත්‍ර ශීල්පීන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර අලෙවි කරන අවස්ථාවේ දී ද වැට් බද්දට යටත් වේ.

චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය සහ නිෂ්පාදනයේ දී රසායනාගාර පහසුකම් සඳහා මෙන්ම මෙරටට සංචාරකයන් ගෙන්වීමේ දී ලබාදෙන සේවා සඳහා එම සංචාරක ආයතනවලින් ඊට අදාලව ලබාදෙන සේවා සඳහාත් වැට් බදු අය කරනු ලැබේ.

පෙට්‍රල් සහ ඩීසල් වලට හිටිහැටියෙම මොකක්ද මේ වුණේ?.

පෙට්‍රල් සහ ඩීසල් වලට හිටිහැටියෙම මොකක්ද මේ වුණේ?.


දේශීය ධාන්‍ය වර්ග යොදාගනිමින් නිෂ්පාදනය කරන අධිපෝෂිත ආහාර සහ දේශීයව නිෂ්පාදිත පොල්තෙල් සඳහා වැට් බදු අදාළ වේ.

මෙලෙස වැට් බදු පැනවීම මෙන්ම වැට් බද්ද පනවා නැති භාණ්ඩ සහ සේවා රැසක් ද ඇත.

වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙන්න - බොරතෙල් ,පිටි ,විදුලිය ගැන විශේෂ තීරණයක්...!

වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙන්න - බොරතෙල් ,පිටි ,විදුලිය ගැන විශේෂ තීරණයක්...!


ඒ බව රජය ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති භාණ්ඩ ද වැට් බද්දෙන් නිදහස් වේ.

අන්තර්ජාල සේවා ගාස්තු ඇතුළුව ගාස්තු කිහිපයකට වෙන මේ දේ ගැන දන්නවා ද?. - ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි..

අන්තර්ජාල සේවා ගාස්තු ඇතුළුව ගාස්තු කිහිපයකට වෙන මේ දේ ගැන දන්නවා ද?. - ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි..


දුරකථන ජාල සේවා බොහොමයක් සිය බදු ඉහළ නංවා ඇත.

සිය මත්පැන් මිල ගණන් හෙට (01) සිට සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පැවසීය.

ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 90කින් ඉහළ යනු ඇත.

එමෙන්ම, මිලිලීටර් 375ක බෝතලයක් රුපියල් 50කින් ද මිලිලීටර් 180 මත්පැන් බෝතලයක් රුපියල් 20කින් ද ඉහළ යනු ඇත.

ReeCha