ජනවාරියේ සිට හැමෝටම අනිවාර්ය අංකයක් - වැඩේ වෙන්නේ මෙහෙමයි..
2024 වසරේ ජනවාරි මාසයේ සිට අවුරුදු 18ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN NUMBER) ලබාගත යුතුය.
ඒ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙහි අරමුණ වන්නේ බදු ගෙවීම සඳහා ආදායමක් ඇත්නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවත් හැමදෙනාටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට අංකයක් ලබාදීමයි.
ඒ බව දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම් නෆීර් මහතා සඳහන් කළ අතර ඒ අනුව දැනට තිබෙන ජාතික හැඳුම්පත් අංකයට අමතරව මෙම අංකය ද ලබන වසරේ සිට අනිවාර්ය වේ.