පෙට්‍රල් සහ ඩීසල් වලට හිටිහැටියෙම මොකක්ද මේ වුණේ?.

Report

මෙරට දැඩි උද්ධමනය හමුවේ දෛනික ඉන්ධන අලෙවිය 40%කින් පමණ පහළ බැස තිබෙනවා.

පෙට්‍රල් සහ ඩීසල් වලට හිටිහැටියෙම මොකක්ද මේ වුණේ?. | Fuel In Sri Lanka

ඒ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ අනුව රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයේ තිබූ සමයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පන්දහසක් පමණ දිනකට අලෙවි වී ඇති.

නමුත් මේ වනවිට දිනකට අලෙවි වන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙදහසකින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඩීසල් අලෙවිය ද මෙට්‍රික් ටොන් එක්දහස් අටසියයකින් පමණ පහළ වැටී ඇත.

පෙට්‍රල් සහ ඩීසල් වලට හිටිහැටියෙම මොකක්ද මේ වුණේ?. | Fuel In Sri Lanka

මේ අතර, සාමාන්‍ය තත්ත්වය යටතේ දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහස් අටසියයක් පමණ අලෙවි වී තිබෙනවා.

මේ වනවිට දිනකට අලෙවි වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක පමණ ප්‍රමාණයක් ය.

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..


කෙසේ වෙතත්, ලබන 01 වැනිදා පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල පිළිවෙළින් රුපියල් හතළිස් දෙකකින් හා ඩීසල් ලීටරය රුපියල් හතළිස් පහකින් වැට් බද්ද නිසා ඉහළ දැමුවහොත් ඉන්ධන අලෙවිය තවත් පහළ වැටෙනු ඇත.

ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙනු ලබන්නේ තෙල් අලෙවිය ඒ ආකාරයට අඩුවී ගියහොත් ඉන්ධනහල් පවත්වා ගෙන යෑමට නොහැකි වන බවයි.