ලේසි වෙන්නේ නෑ.. දිස්ත්‍රික්ක දෙකක් ගැන දෙමළ පක්ෂ අරන් තියන අලුත්ම තීරණය ..

Ampara Trincomalee Sri Lanka General Election 2024
By Piyumika Oct 06, 2024 08:14 AM GMT
Piyumika

Piyumika

Report

ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික් වෙනුවෙන් උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පක්ෂ සියල්ල එක්ව පාර්ලිමේන්තු මැතිවරණයට තරගකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

අහඹු අවාසනාවන්ත සිදුවීමකින් දෙදරු පියෙක් මරුට ..

අහඹු අවාසනාවන්ත සිදුවීමකින් දෙදරු පියෙක් මරුට ..

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසන්නේ, අදාළ දිස්ත්‍රික් දෙක සඳහා දෙමළ පක්ෂ සියල්ල එක්ව තරගකිරීම සුදුසු බව තමා විශ්වාස කරන බවය.

මේ සම්බන්ධයෙන් ඉලංකයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා හා එම පක්ෂයේ ලේකම්වරයා වෙත දැනුම්දීමක් සිදුකළ අතර ඔවුන්ගේ තීරණය හෙට දිනයේදී සිය සන්ධානය වෙත දැනුම්දීමට නියමිත බව සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කර තිබේ.

පාස්පෝට් බැලුවද ? නැත්නම් ඔයා ලොකු වැරද්දක් කර ගන්නේ මිත්‍රයා..අදම බලන්න..(VIDEO)

පාස්පෝට් බැලුවද ? නැත්නම් ඔයා ලොකු වැරද්දක් කර ගන්නේ මිත්‍රයා..අදම බලන්න..(VIDEO)

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ නාමයෝජනා සකස් කිරීමේ කමිටුව ඊයේ වව්නියාවේ දී රැස් වූ අතර එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ බව සදහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික් සඳහා දෙමළ පක්ෂ වෙන් වෙන්ව තරගකිරීම තුළින් කිසිදු අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නොහැකි වනු ඇති අතර ඒ හරහා දෙමළ ජනතාවට අසාධාරණයක් විය හැකි බවය.

"එහෙම නෙවේ මෛත්‍රීපාල සිහිනය නිමිය.."මොකක්ද මේ හිටපු ජනපති කියන කතාව..(VIDEO)

"එහෙම නෙවේ මෛත්‍රීපාල සිහිනය නිමිය.."මොකක්ද මේ හිටපු ජනපති කියන කතාව..(VIDEO)

ඒ අනුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉලංකයි තමිලු අරසු පක්ෂයේ ලාංඡනය යටතේත් අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ ලාංඡනය වන හග්ගෙඩිය ලකුණෙනුත් තරගකිරීමට යෝජනා වී තිබේ.

මේ අතර ඉලංකයි තමිල් අරසු පක්ෂයේ නාමයෝජනා කමිටුව ද ඊයේ වව්නියාවේදී රැස්විය. 11 දෙනෙකුගෙන් සමන්විත නාමයෝජනා කමිටුව විසින් එක් එක් දිස්ත්‍රික්ක වෙනුවෙන් තරගකිරීමට නියමිත අපේක්ෂකයින් තෝරාගැනීම එහිදී සිදුකර ඇති බව සඳහන්ය.

මොකක්ද මේ උතුරු නැගෙනහිර මහ මැතිවරණය ගැන ඇහෙන අලුත්ම කතාව ..

මොකක්ද මේ උතුරු නැගෙනහිර මහ මැතිවරණය ගැන ඇහෙන අලුත්ම කතාව ..

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා පැවසුවේ එක් එක් දිස්ත්‍රික්ක වෙනුවෙන් තරගකිරිමට නියමිත අපේක්ෂකයින් තේරීම සිදුකළ බවය.

එහිදී ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වෙනුවෙන් තරගකරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.