අහඹු අවාසනාවන්ත සිදුවීමකින් දෙදරු පියෙක් මරුට ..

By Piyumika Oct 06, 2024 06:48 AM GMT
Report

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.

වසරක් පුරාවට කල සුක්ෂම මෙහෙයුමෙන් කොටු වුනු හිටපු ප්‍රාදේශීය සභා සභාපති..

වසරක් පුරාවට කල සුක්ෂම මෙහෙයුමෙන් කොටු වුනු හිටපු ප්‍රාදේශීය සභා සභාපති..

මෙම අහඹු අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ එම ගම්මානයේ ඩබ්ලිව් .එච්.සිරිපාල නැමැති 62 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම පුද්ගලයා සිය කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටියදී පයලිස්සා බිමට වැටුණ අවස්ථාවේ ඔහු ඇද සිටි ටී ෂර්ට් එක ගහේ අත්තක පැටලී ගෙල සිරවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පරීක්ෂණ වලදී අනාවරනයවී ඇත.

පහල දැමු බිත්තර මිල යළි ඉහළට..

පහල දැමු බිත්තර මිල යළි ඉහළට..

ඒ අසලින් ගමන්ගත් කාන්තාවක් මෙම ගොවියාගේ සිරුර මී ගසේ අත්තක එල්ලී තිබෙනු දැක අසල්වැසියන්ට දන්වා පසුව ඔවුන් මේ පිලිබදව පොලිසියට දැනුම්දී තිබේ.

අහඹු අවාසනාවන්ත සිදුවීමකින් දෙදරු පියෙක් මරුට .. | A Farmer Died After Being Strangled By The T Shirt