"එහෙම නෙවේ මෛත්‍රීපාල සිහිනය නිමිය.."මොකක්ද මේ හිටපු ජනපති කියන කතාව..(VIDEO)

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ස්වයං චරිතාපදානය වන ‘සිහිනය – නොනිමිය’ පසුගිය සිකුරාදා (4) කොළඹදී එළිදැක්වීය.

පාස්පෝට් බැලුවද ? නැත්නම් ඔයා ලොකු වැරද්දක් කර ගන්නේ මිත්‍රයා..අදම බලන්න..(VIDEO)

පාස්පෝට් බැලුවද ? නැත්නම් ඔයා ලොකු වැරද්දක් කර ගන්නේ මිත්‍රයා..අදම බලන්න..(VIDEO)

එහිදී අදහස් දැක්වූ සිරිසේන, තමා ජනාධිපතිව සිටියදී සිදුවූ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කිසිදු සඳහනක් නොකිරීම ගැන කතාකළේය.

“මාව අපකීර්තියට පත්කිරීමට කැමති අය මේ පොතෙන් පාස්කු ප්‍රහාරය ගැන යමක් සොයාගැනීමට අපේක්ෂා කරන්න පුළුවන්. මම ඒ ගැන එක වචනයක්වත් ලියා නැත,හැ ”ඔහු පැවසීය.

දිවි ගමනට සමුදුන් ටෙනිස් තරුව ..(PHOTOS)

දිවි ගමනට සමුදුන් ටෙනිස් තරුව ..(PHOTOS)

පොත ලිවීමට වසර තුනක් ගත වූ බවත්, එය ශ්‍රී ලංකාවේ මුද්‍රණය කළ යුතුද යන්න පිළිබඳ කනස්සල්ලක් පැවැති බවත් ඔහු පැහැදිලි කළේය.

“එනිසා එය විදේශයක මුද්‍රණය කර වසර පහක් පුරා ප්‍රකාශයට පත් නොවී තිබුණා” ඔහු වැඩිදුරටත් පැවසීය. පොත එළිදැක්වීමට නියම වේලාව එනතුරු තමා බලාසිටි බවත්, නව පාලනය යටතේ පවතින දේශපාලන වාතාවරණය ඊට සුදුසු මොහොත බව හැඟුණු බවත් සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේය.