ලෝකෙම හැරිලා බලද්දි යුධ උණුසුම මැද ලංකාව භාරයට ගත් ඉරාන නාවිකයින් ගැන තීරණයක් - විශේෂ සාකච්ඡාවක්

Report

ශ්‍රී ලංකා භාරයට ගත් ඉරාන නාවිකයින් පිරිස සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සහ මෙරට ඉරාන තානාපති කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (09) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව විමසීමකදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඉරාන නාවිකයින් පිරිස සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන ආකාරය පිළිබඳ තීරණය කරන බව පවසා ඇත.

යුධ ගින්නෙන් ගල්ෆ් කලාපය කැළඹෙයි - දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා බහරේන්, අබුඩාබි, කුවේට්වල බරපතළ තත්ත්වයක්

යුධ ගින්නෙන් ගල්ෆ් කලාපය කැළඹෙයි - දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා බහරේන්, අබුඩාබි, කුවේට්වල බරපතළ තත්ත්වයක්

එසේම ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වු IRIS Dena නෞකාවෙන් මුදාගත් නාවිකයින් 32 දෙනෙකු සහ IRIS Bushehr නෞකාවේ සිටි නාවිකයින් 204 දෙනෙකු තවමත් මෙරට භාරයේ පසුවන බව සඳහන්.

කෙසේ වෙතත් ඉරානය සහ අමෙරිකාව අතර හටගෙන ඇති යුධමය වාතාවරණය තුළ අදාළ ඉරාන නාවික පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව බෙහෝ දෙනාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

මේ සම්බන්ධයෙන් ඊයේ (08) අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ ඉරාන නාවිකයින් පිරිස සදහා මාසයක සහන වීසා බලපත්‍ර ලබාදී මානුෂීය පදනමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය පියවර ගන්නා බවයි.

එමෙන්ම මෙරට භාරයේ පසුවන ඉරාන නාවිකයින් පිරිස සහ මියගිය ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ද මෙවැනි අදහසක් පළ කර ඇත.  

අවුරුදු 30ට පස්සේ ඇවිලෙන යුධ ගිනි නිසා දකුණු කොරියාව ඉන්ධන මිල ගැන ගත්තු හදිසි තීරණය

අවුරුදු 30ට පස්සේ ඇවිලෙන යුධ ගිනි නිසා දකුණු කොරියාව ඉන්ධන මිල ගැන ගත්තු හදිසි තීරණය

යුද්ධය අවසන්- ට්‍රම්ප් නෙතන්යාහු සමග සාකච්ඡාවක්

යුද්ධය අවසන්- ට්‍රම්ප් නෙතන්යාහු සමග සාකච්ඡාවක්