අවුරුදු 30ට පස්සේ ඇවිලෙන යුධ ගිනි නිසා දකුණු කොරියාව ඉන්ධන මිල ගැන ගත්තු හදිසි තීරණය
By Kaushi
දකුණු කොරියානු බලධාරීන් විසින් වසර 30 කට ආසන්න කාලයකට පසුව පළමු වරට දේශීය ඉන්ධන මිල සීමා කරන බවට දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් ප්‍රකාශ කරයි.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල තියුණු ලෙස ඉහළ යාමෙන් අනතුරුව මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.
දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් මේ බව සඳහන් කර ඇත්තේ මැදපෙරදිග අර්බුදයේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස් වූ හදිසි කැබිනට් රැස්වීමකදීයි.