යුධ ගින්නෙන් ගල්ෆ් කලාපය කැළඹෙයි - දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා බහරේන්, අබුඩාබි, කුවේට්වල බරපතළ තත්ත්වයක්[UPDATE]
පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකට අද (09) දින උදෑසන කාලයේදී එල්ල වූ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නිසා කලාපීය නොසන්සුන්තාවය උපරිම මට්ටමකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉරානය විසින් ක්‍රියාත්මක කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර නිසා බහරේනය ඇතුළු රටවල් කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.
ඒ අනුව අගනුවරින් දකුණු දෙසින් පිහිටි සිට්‍රා (Sitra) ප්‍රදේශයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට ද බහරේන ජාතික සන්නිවේදන මධ්‍යස්ථානය (NCC) තහවුරු කර තිබුණා.
අඳාළ ප්‍රහාරය බලශක්ති යටිතල පහසුකම් ආසන්නයේ පිහිටි සිවිල් පදිංචි ප්‍රදේශ ඉලක්ක කර එල්ල වී ඇත. මේ අතර අබුඩාබි අගනුවරින් අද (09) දින උදෑසන ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් වාර්තා වූ වී තිබෙනවා.
එය යුද්ධය ආරම්භ වූ දා සිට ඇසුණු ප්‍රබලම ශබ්ද බව විදෙස් මාධ්‍ය කණ්ඩායම් ප්‍රකාශ කරයි.
මිසයිල තර්ජනයකට එරෙහිව එරට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ බව එරට ආපදා කළමනාකරණ අධිකාරිය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එසේම කුවේට් ජාතික ආරක්ෂක බලකාය මඟින් අද (09) දින උදෑසන ආරක්ෂිත කලාපයකට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බවද සඳහන්.
ඒ අනුව ආරක්ෂක අංශ සඳහන් කරන්නේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි
[