සියලුම විදුලි සේවකයන්ට ජනපතිගෙන් සුබ පණිවිඩයක් - කරන්න යන දේ මෙන්න

Report

අද (13) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී විදුලි වෘත්තීය සමිති සිය ගැටලු සාකච්ඡා කළ අතර, එම සාකච්ඡා සාර්ථකව සිදු වී ඇති බව ඔවුන් පවසති.

ජනාධිපතිවරයා සමිතිවල ගැටලු සාධාරණව විසඳීමට කටයුතු කරන බවට සහතිකය ලබා දුන් බව විදුලි වෘත්තීය සමිති සඳහන් කරයි. මෙහිදී සමිති සාමාජිකයින් අවධාරණය කළේ, ඔවුන්ට ආණ්ඩුවට පරාජය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

නව සමාගම්වල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා අද සවස පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවේදී විදුලි වෘත්තීය සමිතිවල ගැටලු සඳහා විසඳුම් ලබාදීමට එකඟතාවය පළ කර ඇති බවද ඔවුන් පවසති.

ඇමරිකාව ඊශ්‍රායලය සිදුකළ දැවැන්ත මෙහෙයුමෙන් පුද්ගලයින් 1,444 දෙනෙකු මරුට

ඇමරිකාව ඊශ්‍රායලය සිදුකළ දැවැන්ත මෙහෙයුමෙන් පුද්ගලයින් 1,444 දෙනෙකු මරුට

තවද, නව සමාගම්වලට බාහිරින් බඳවා ගැනීමට සැලසුම් කර තිබූ විදුලි අධිකාරී සහ විදුලි ඉංජිනේරු පත්වීම් වහාම නැවැත්වීමට ජනාධිපතිවරයා නියෝග කළ බවද විදුලි වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කරති.

මෙය, වෘත්තීය සමිතිවල සහ ජනතාවගේ විදුලි බල ආරක්ෂාව සහ ක්‍රියාකාරීත්වය රැකගැනීමේ අරමුණින් වූ පියවරක් ලෙස සඳහන් කළ හැක.

මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් පත් කරයි

මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් පත් කරයි