මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් පත් කරයි
නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත්කර තිබේ.
මෙම පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එස්. සතීස්තරන් මහතා වෙත භාර දුන්නා.
අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන් මහතා, පෙරවරු කාලයේ චාවක්කච්චේරී දිසා විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කළේය.