භයානක ඛේදවාචකයක් - අලුත් අවුරුද්ද සමරපු 40ක් මරුට

Report

ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගින්න අද (1) අළුයම 1:30ට පමණ හටගෙන ඇති අතර ගින්න හටගත් අවන්හල තුළ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇත.

එම වාර්තාවලට අනුව එම සාදය සඳහා කොපමණ පිරිසක් සහභාගී වී සිටියා ද යන්න මේ වන තෙක් තහවුරු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. එමෙන්ම එරට පොලිසිය සඳහන් කර තිබෙන්නේ ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බවට සැකපල කරන බවයි.

ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් 10ක්, ගිලන් රථ 40ක් සහ හදිසි සේවකයින් 150ක් යොදවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොහොතකින් ඛේදවාචකයක් වුණ අලුත් අවුරුදු සැමරුම - ස්විස් බාර් එකක විශාල පිපිරීමක් නිසා පිරිසක් ජීවිතක්ෂයට

මොහොතකින් ඛේදවාචකයක් වුණ අලුත් අවුරුදු සැමරුම - ස්විස් බාර් එකක විශාල පිපිරීමක් නිසා පිරිසක් ජීවිතක්ෂයට

6 ශ්‍රේණිය අසභ්‍ය වෙබ් අඩවිය නිසා ප්‍රබලයෙක් ධූරයෙන් ඉවතට

6 ශ්‍රේණිය අසභ්‍ය වෙබ් අඩවිය නිසා ප්‍රබලයෙක් ධූරයෙන් ඉවතට