ස්වර්ණවාහිනී නාළිකාව ආණ්ඩුවේ හිතවතෙතුට දීමේ සූදානමක්...

Government Media Swarnawahiniya
By Aruna Jul 16, 2021 06:38 AM GMT
Aruna

Aruna

Report

ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාව ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට විකුණා දැමීමේ සූදානමක් ඇතැයි ඊටීඅයි ගනදෙනුකරුවන්ගේ සංගමය හෙළිකරයි.

මෑතක් වන තුරුම එම නාලිකාවට සම්බන්ධ ව සිටි ඉහළ නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් මෙම ගනුදෙනුව කඩිනමින් සිදු වෙමින් ඇති බවත් එය වහාම නතර කර ආයතනය රජයට ආයතනය පවරා ගන්නැයි ඉල්ලා සිටින බවද එම සංගමය කියා සිටී.

ස්වර්ණවාහිනි නාලිකාව ඊඒපී මාධ්‍ය ජාලයෙන් අලි රාජා සුබාෂ්කරන් නැමැත්තා විසින් මිලදී ගැනීම නීති විරෝධී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බවත් ඊට නීතිපතිවරයා විසින් අවසන් නිර්දේශය ලබාදීමට පෙර විකුණා දැමීමට සූදානම් වන බවත් ඔවුන් කියා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha