පොලිසියෙන් බේරෙන්න මුහුදට පැනපු මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්
බේරුවල ධීවරවරායේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිට පුද්ගලයකු පොලිසියෙන් බේරිම සඳහා මුහුදට පැන ඇති අතර ඔහු මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය සදහන් කර තිබේ.
මෙසේ මියගොස් ඇති පුද්ගලයා පිළිබඳ මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි ද පොලිසිය සදහන් කර ඇත.
බේරුවල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බහුදින යාත්‍රාවක සිට මත්ද්‍රව්‍ය අලව් කිරීමේ ජාවාරම නියුතු පුද්ගලයකු පළිබඳ ලැබුන තොරතුරක් මත බේරුවල පොලිසියේ නිලධාරීන් එම බෝට්ටුව වැටලූ අවස්ථාවේ සැකකරු පොලිසියෙන් බේරීම සඳහා වෙනත්ධීවර යාත්‍රාවලට නැග මුහුදුවතුරට පැන ඇති බව වාර්තා වේ.
මුහුදට පැන්න පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිසිය සෝදිසි මෙහෙයුම් දියත් කළත් සැකකරු ගැනීමට නොහැකි වී තිබුණී.
අද (18) බේරුවල ධීවර වරාය ආශ්රිත මුහුදේ සැකකරුගේසිරු මුහුදේ පාවෙමින් තිබියදී ෙ බේරුවල නාවික හමුදාවෙරළාරක්ෂක නිලධාරීන්ට හමු ව තිබේ