මැයි මාසයේ ලිට්රෝ ගෑස් සැපයුම ගැන දැනුම්දීමක්
මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කර තිබේ.
එම සමාගම සදහන් කළේ අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 20,500ක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවත් තවත් මෙට්‍රික්ටොන් 17,500ක් ලැබීමට නියමිතය බවයි.
ලිට්රෝ ගෑස් සමාගම පෙන්වා දෙන්නේ එම තොග මාලදිවයිනේ පාවෙන ගබඩාව තුළ ගබඩා කර තිබෙන බව වේ.
ඊට අමතරව තවත් ගෑස් මෙට්‍රික්ටොන් 20,000ක නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවද ලිට්රෝ සමාගම ප්‍රකාශ කර තිබේ.
මේ අතර ලිට්රෝ ගෑස් සමාගම සැලසුම් කළ පරිදි මෙම උත්සව සමයේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන ලෙස අවශ්‍ය ගෑස් ප්‍රමාණයන් වෙළඳපොළට නිකුත් කළ බව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම උත්සව සමයෙන් පසුවද වෙළෙඳපොළට අවශ්‍ය ගෑස් තොග නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් අප්‍රේල් මස 16 සිට නැවතත් සාමාන්‍ය පරිදි ගෑස් පිරවීම් සහ බෙදාහැරීම් කටයුතු ඇරඹූ බවත් පෙන්වා දී ඇත.