නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසියි - මේකයි වැරැද්ද

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වූ මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසි කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත්තේ විශ්‍රාමික මේජර් ඩබ්ලිව්. එස්.එල්.එස්. පලිපාන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවය.

මෙලෙස නීතිඥවරයාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට හේතු වී ඇත්තේ 2006 වසරේ මාර්තු මස පළමු වනදා සහ 2007 වසරේ පෙබරවාරි මස 15 වන දා නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා පෙත්සම්කරු විසින් මෙම නීතිඥවරයාව පත් කරගෙන ඇත.

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

එහිදී නීතිඥවරයා එම සේවාව වෙනුවෙන් රු. ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති අතර ඔහුට අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000 මුදලක් ලබාදුන් බව පෙත්සම්කරු තම පැමිණිල්ලේ සදහන් කර ඇත.

මුදල් ලබා ගැනීමෙන් පසුවද පොරොන්දු වූ ආකාරයට එම නීතිඥවරයා අදාල සේවාව ඉටු නොකිරීම මත තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල් නැවත ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකර ඇත.

නමුත් ඒවා භාරදීම නීතිඥවරයා පැහැර හැරීම මත 2008 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ පෙත්සම්කරු විසින් පෙත්සමක් ගොනු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතරක් ඉල්ලා අස්වෙයි?

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතරක් ඉල්ලා අස්වෙයි?

අදාළ නඩුව විභාග කල ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම ක්‍රියාව මගින් වග උත්තරකරු නීතිඥ වෘත්තීයේ ගෞරවයට දැඩි හානියක් සිදු කර ඇති බවයි. විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළේ නීතිය ක්‍රියාත්මක කිරීම යනු පුද්ගලික වාසි තකා සූරාකෑමට ඇති වරප්‍රසාදයක් නොවන අතර නීතිඥ වෘත්තිය හුදෙක් වෘත්තියක් නොව ගෞරවනීය මහජන විශ්වාසයක් බවයි.

වරදකරු වූ නීතිඥවරයාගේ නම නීතීඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කර තිබේ.

තොටළඟ කන්නාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

තොටළඟ කන්නාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්