අපි හොරු අල්ලන ප්‍රමාධ නෑ - සුනිල් වටගල
Sri Lanka Politician
Anurag Kashyap
National People's Power - NPP
Sinhala news
By Mithu
ආණ්ඩුව ජන වරම ලබා ගත්තේ හොරු ඇල්ලීමට බවත්, ඒ අනුව රජය ඒ සඳහා ක්‍රියා කරමින් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.
ඒ අනුව ආණ්ඩුව මාස 06 ක් යන විට හොරු ඉපැයූ ධනය භාණ්ඩාගාරයට ගැනීමට පනතක් ගෙන ආ බවත්, එම පනත හරහා නඩු අසන්නේ දේපළ තහනම් කරමින් බවයි ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. හොරු ඇල්ලීමට ප්‍රමාද බවට චෝදනා කළත්, එලෙස ප්‍රමාදයක් නොමැති බවද, රජය මාස 06 ක කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සැලසුම් කළ බවද, ඒ අනුව, මේ වනවිට හොරු කෑ ගැසීමට පටන්ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
මේ විට හොරුන් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බවත්, කැබිනට් මණ්ඩලයේ තිදෙනෙක් සහ බිරින්දෑවරු කිහිප දෙනෙක්ද අත්අඩංගුවට පත්ව ඇති බවත්, නීතිය හා විධානය තරාතිරම නොබලා ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
