ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ, වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු නාස්තිය අවම කර ඇති බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමන් විසින් මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් ඉතිරි කර ඇති බවත්ය.

ඔහු මෙම අදහස් පළ කළේ රූපවාහිණි වැඩසටහනට සහභාගී වෙමිනි.

ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!

ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!

“මම ඇමති වැටුප හෝ මන්ත්‍රී දීමනා ලබාගන්නේ නැහැ. මට V8 ඇතුළු එක තැනක වාහන තුනක්, තව තැනක තුනක්, තවත් තැනක දෙකක් තිබුණත්, ඒ සියල්ල පසෙකට දමා මම සාමාන්‍ය වාහනයක් භාවිතා කරනවා. ඇමතිවරයෙකුට හිමි ඉන්ධන කෝටාව භාගයකින් අඩු කළා. ඇමති නිල නිවාසත් භාවිතා කරන්නේ නැහැ.

මේ ආකාරයෙන් අපි විශාල මුදලක් ඉතිරි කර තිබෙනවා. මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පෞද්ගලික කාර්ය මණ්ඩලයට පමණක් මසකට රුපියල් ලක්ෂ 76ක් වැය කර තිබුණා. මම භාරගත් පසු එය මසකට ලක්ෂ 2කට සීමා කළා.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.

එනිසා, ආණ්ඩු පක්ෂ කාර්යාලයේ වියදමින් පමණක් මම මසකට ලක්ෂ 74ක් ඉතිරි කර ඇති. අපි භාණ්ඩාගාරයට ඉතිරි කරන මුදල් ප්‍රාදේශීය සභාවලට ලැබුණු පසු, එහි නිලධාරීන් පාලමක් හෝ බෝක්කුවක් ඉදිකිරීමට යාමේදී එම මුදල් නාස්ති කරන්නේ නම්, ඒ සඳහා ඉඩ නොදෙනවා. එය අපගේ කැපකිරීමට බරපතළ අවමානයක්. ජනතාවත් එවැනි දේ අනුමත කරන්නේ නැහැ. හොරකමට මුදල් ලබාදෙන්නේ නැති බව අපි පැවසුවා. ඒ ගැන දෙවරක් නොව, දහස් වරක් සිතිය යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.