කලින් වහපු ෆයිල් ඇරලා හොරු අල්ලන කොට විපක්ෂයට බලා ඉන්න බෑ.. සිරකරුවන් ලවා විපක්ෂය බලයට එන්න හදන බව කියන හඳුන්නෙත්ති
අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ රටේ සම්පත් විකිණීම නතර කර ලාභ ලබන තත්ත්වයට පත්කර ඇති බවයි.
එසේම සිරකරුවන් ලවා බලයට පැමිණීමට විපක්ෂය උත්සහ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.
අකුරැස්ස පරදූව නැගෙනහිර කොට්ඨාස සභාවේ ප්‍රතිසංවිධාන කටයුතු අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
එම රැස්වීම ඇමතූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කලින් වැසූ ෆයිල් ඇර හොරුන් අල්ලන විට විපක්ෂයට බලාසිටිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි.
මෙහිදී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්කුමාර සුරවීර මහතා ද අදහස් පළ කර තිබෙනවා.