පාස්කු වරදකරුවන්ට කලින් ජූඩ් පියතුමාට දඩුවම් ලැබෙයිද? සුමන ධම්මහිමිගෙන් ලිපියක්

Sri Lanka Bomb Blast 2019 Sri Lanka Easter bombings Easter Attack Sri Lanka Latest Headlines Sinhala news
By Ashfa Jul 26, 2025 02:14 AM GMT
Ashfa

Ashfa

Report

නව ජනතා පෙරමුණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම නායක ස්වාමින් වහන්සේ, නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා, විදේශ කටයුතු නියෝජ්‍ය ලේකම් විදුර අල්ගම මහතා සහ මුල්‍ය ලේකම් දිනුෂ්ක ගුණසේකර මහතා විසින් ශ්‍රි ලංකාවේ කතෝලික පියතුමා ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු මහතාගේ වගකීම් විරහිත මරණ දඩුවම සම්බන්ධ ප්‍රකාශය පිළිබඳව පාප් වහන්සේ වෙත ලිපියක් බාරදීම 2025 ජූලි 25 දින සිදු කරන ලදී.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මෙම ලිපියෙන්, වහාම ජූඩ් ක්‍රිශාන්ත පියතුමාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඔහු පුජක තනතුරෙන් ඉවත් කර පූජකත්වය අහෝසි කරන ලෙසත් ඉල්ලා සිටින අතර, එම ප්‍රකාශය හේතු කොටගෙන සමස්ත කතෝලික ජනතාව විශාල අප්‍රසාදයකට ලක්වූ බවද අවධාරණය කරයි.

රියදුරෙක්ට මගදී අල්ලන් පොලු මුගුරු වලින් ප්‍රහාර

රියදුරෙක්ට මගදී අල්ලන් පොලු මුගුරු වලින් ප්‍රහාර

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම නායක ස්වාමීන් වහන්සේ පවසන්නේ,

පසුගිය ජුලි මස 20 වන දින ලංකා කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා විසින් මරණ දඩුවම අරබයා කරන ලද ප්‍රකාශය හේතුකොට ගෙන සමස්ත කතෝලික ජනතාවම අප්‍රසාදයට ලක් වී ඇති බවය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකීම් විරහිත ප්‍රකාශය පාදක කරගෙන නිලන්ත ජයවර්ධන එල්ලා මැරිය යුතු බව ප්‍රකාශ කිරීම දැඩි සේ හෙලා දකින බවය. සාමානයයෙන් අපි දන්නා පරිදි වතිකානුවේ හා ලෝක කතෝලික සභාවේ හා අතිඋතුම් පාප් වහන්සේ මරණ දඩුවම ප්‍රතික්ශේප කරලා තියෙනවා. විශේෂයෙන්ම බයිබලයට ,දස පනතට , කිතුනුදහමට දනුව මරණ දණ්ඩනය පටහැනියි. සාමයේ සංකේතය වු ජෙසුස් වහන්සේගේ දහම දේශනා කරන අයෙකු විදිහට එතුමාගේ දර්ශනය වනුයේ මිතුරාට ද සතුරාටද ප්‍රේම කරන ලෙසය. ඒ අනුව මෙවැනි කරුණක් ප්‍රකාශ කරන්නේ ඔහු කෙසේද යන්න අපිට ගැටළුවක් පවතිනවා.

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

2017 ලංකා කතෝලික සභාව මරණ දණ්ඩනය නිල වශයෙන් ප්‍රතික්ශේප කර තියෙනවා. මෙම ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ලංකා කතෝලික සභාවට හා ලෝක කතෝලික සභාවට පටහැනිව මෙම ප්‍රකාශය සිදු කරලා තියෙන්නේ. ලංකා කතෝලික සභාවේ නිවේදනයෙන් ප්‍රකාශ කර සිටියේ මිනිසාට ජීවිතය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ නිසා මිනිසාගේ මරණය තීරණය කිරීමට බාහිර පාර්ශවයටකට අවසරයක් නැති බවය. එසේ තිබියදි ජූඩ් ක්‍රිශාන්ත පියතුමාගේ ක්‍රියා කලාපය නිසා සමස්ත කතෝලික ජනතාව දැඩි අප්‍රසාදයට පත් වෙලා තියෙන්නේ. අපි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් කලා මේ පිලිබඳ විනය ක්‍රියා මාර්ග ගෙන ඔහු තනතුරෙන් නෙරපා හැරලා කතෝලික ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරලා ඔහුගේ පූජකත්වය ඉවත් කරන්න කියලා. අපි සතියක් යනතුරු මේ පිළිබද ක්‍රියා මාර්ගයක් ගනීද කියලා බලා සිටියා. කිසිදු ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් නොගත් නිසා අද දින පාප් තුමන්ට ඒ පිලිබඳව අප විසින් පැමිණිලි කරන්න යෙදුනේ. මෙවැනි වෛරීය අදහස් පතුරවන වහසි බස් ප්‍රකාශ කරන ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පිළිබඳව නිසි විනය ක්‍රියාමාර්ග ගෙන ඔහු පුජක තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය වියනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලංකාවේ කාදිනල් හිමාපාණන්ට නියෝග කරන ලෙස ඉල්ලා අද දින අති උතුම් පාප් වහන්සේට ලිපියක් බාර දීම සිදු කරන ලදී. මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන පමණක් නෙමේ වැරදි.

ඔහු අවස්ථා 330 ක දී බුද්ධි තොරතුරු ලබා දී තියෙනවා. මෙලෙස බුද්ධි තොරතුරු ලබා දුන් වෙනත් නිලදාරියෙක් නැ. මෙලෙස ලබා දුන් බුද්ධී තොරතුරු ඔස්සේ ගොස් පරීක්ෂණ කර අත්අඩංගුවට ගැනීම සිදු කල යුත්තේ එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක රවි සෙනවිරත්න විසින් සිදු කල යුතු කාරණාවක්. මහජන පොලිස් ලේකම් රවි සේනවිරත්න මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතායි යන දෙදෙනාම එවකට සිටියේ රහස් පොලිසියේය (CID) . ප්‍රහාරය එල්ල වෙන්නේ කවදාද? කොහොදිද? ඒ සඳහා පැමිණෙන්නේ කොයි වගේ පිරිසක්ද? යනාදි නිවැරදි සියලු තොරතුරු ලබා දුන් නිලන්ත ජයවර්දනට මරණ දඩුවම දෙන්න ප්‍රකාශ කරද්දි ලබා දුන් තොරතුරු අධ්‍යයනය නොකල රවි සෙනවිරත්නට හා ශානි අබේසේකරට තනතුරු වරදාන වරප්‍රසාද ලබා දෙන්න තීරණය කරනවා.

එය කොතරම් සහසිජනක කාරණාවක් ද? එමනිසා පෝරකයට යවන තීරණය කල යුත්තේ උසාවිය මිස කතෝලික සභාව හෝ කතෝලික පල්ලිය නොවන බව ප්‍රකාශ කර සිටිනවා. අපිත් බලා සිටින්නේ සාධාරණ පරීක්ෂණයකින් උසාවියෙන් සාධාරණයක් ඉටු වේ කියා. වගකීම් විරහිත බාවය අනුව නිලන්ත ජයවර්ධනට දඩුවම් දී තිබෙන පරිදි රවි සෙනවිරත්නට හා ශානි අබේසේකර ඇතුළු එම කාල සීමාවේ සියලු නිළධාරින්ට ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.

ReeCha