දුරකථනයක් නිසා භික්ෂු හිමිණමක් සියදිවි හානි කර ගනී..

By Aruna Feb 08, 2025 04:04 AM GMT
Report

තංගල්ල වනවාසී කුඩා විහාරයේ පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටි 20 හැවිරිදි ශිෂ්‍ය හිමිනමක් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය පිරිවෙනෙහි ගුරු හිමිනමගේ භාරයට ගැනීම හේතුවෙන් සිත් තැවුලට පත් එම ශිෂ්‍ය හිමිනම ගෙල වැලලා ගෙන සියදිවි හානිකර ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

තංගල්ල මූලස්ථාන පොලිසිය පවසන්නේ්‍, එම හිමිනම සිය ආවාස කුටියේ දී මෙසේ දිවි නසාගෙන ඇති බවයි. 

පේර ගසින් ලිස්සා වැටුණු දියණියක් කිසිවෙක් නොසිතූ දෙයකින් මිය යයි..

පේර ගසින් ලිස්සා වැටුණු දියණියක් කිසිවෙක් නොසිතූ දෙයකින් මිය යයි..


මෙම ශිෂ්‍ය හිමිනම් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයෙහි ජංගම දුරකථනය පිරිවෙනේ ගුරු හිමිනම විසින් පෙර දින තමන් හාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ පිළිබඳව හිමි නම සිත් තැවුලෙන් පසු වී ඇති අතර සිය දිවි හානිකර ගැනීමට එය හේතු වෙන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය හිමිවරුන්ට ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇති බවයි පැවසෙන්නේ.

සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..පාක්ෂිකයින්ට අතිශය වැදගත් පිණිවුඩයක්..

සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..පාක්ෂිකයින්ට අතිශය වැදගත් පිණිවුඩයක්..


සියදිවි හානි කර ගත් හිමිනමගේ දේහය තංගල්ල මූලික රෝහලෙහි තැන්පත් කර ඇති අතර, හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන තංගල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබේ.

You May Like This Video