සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..පාක්ෂිකයින්ට අතිශය වැදගත් පිණිවුඩයක්..
සමගි ජන බලවේගය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙසේ දක්වා ඇත.
සමගි ජන බලවේගය පක්ෂ මුලස්ථානය ඉදිරිපිට දී 2025 පෙබරවාරි 08 දින පැවැත් වෙනවා යැයි කියනු ලබන විරෝධතාවය පිළිබඳවයි.
එම ප්‍රවෘතිය සමාජ මාධ්‍ය තුල සංසරණය කරනු ලබන ව්‍යාජ පුවතක් බවයි වාර්තා වන්නේ.
එය සමගි ජන බලවේගයට එරෙහි පාර්ශවයන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවක් බව පැහැදිලි කර තිබේ.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය ගත් තීරණයක් අනුව එක්සත් ජාතික පක්ෂය සමග පවත්වනු ලබන සාකච්ඡා පිළිබද විකෘති අර්ථකතනයක් සපයා දෙමින් පක්ෂය තුල අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය කිරීම එම පාර්ශවයන්ගේ අභිලාෂය වී තිබේ.
මෙවැනි විරෝධතාවකට සමඟි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ නායකත්වයේ හෝ සාමාජිකයින්ගේ ආශිර්වා දයක් හෝ සහභාගීත්වයක් නොමැති බව අපි අවධාරණය කර සිටිමු.
You May Like This Video