පේර ගසින් ලිස්සා වැටුණු දියණියක් කිසිවෙක් නොසිතූ දෙයකින් මිය යයි..

By Aruna Feb 08, 2025 02:56 AM GMT
Report

වවුනියාව පුලියන්කුලම් පලයවාඩි ප්‍රදේශයේ හය හැවිරිදි දැරියක් විදුලි සැර වැදීම නිසා ඊයේ (07) මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මෙම දැරිය නිවස පසුපස තිබූ පේර ගසකට නැග සෙල්ලම් කරමින් සිටියදීයි ඇය එක්වරම ගසෙන් ලිස්සා බීමට වැටී මෙම සිදුවීම සිදුව තිබේ.

අද මේ ලග්න වලට වාසි ගොඩක් ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)

අද මේ ලග්න වලට වාසි ගොඩක් ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)


ඇය වැටී ඇත්තේ නිවසට ජලය සැපයීම සදහා සවිකොට තිබූ වතුර මෝටරය අසලට වන අතර, එහි තිබූ කැඩී ගිය වයරයකින් කාන්දු වූ විදුලිය දැරියට වැදීමෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරු සනාථ කර ඇත්තේ, වහාම දැරියට ප්‍රථමාධාර ලබා දී ඇයව වවුනියාව මහ රෝහල වෙත රැගෙන එන ලද නමුත්, ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි.

සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..පාක්ෂිකයින්ට අතිශය වැදගත් පිණිවුඩයක්..

සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..පාක්ෂිකයින්ට අතිශය වැදගත් පිණිවුඩයක්..


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර  පරීක්ෂණ සිදුකරනු ලබයි.

You May Like This Video