චෝදනා ගොනු කිරීමට අපොහොසත් වීම නිසා සූරියකන්ද පොලිස් කොස්තාපල් නඩුවෙන් නිදහස්
මාර්ගය අවහිර කිරීම, සාපරාධී බියගැන්වීම සහ සාපරාධී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්ව සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතා අදාළ නඩුවෙන් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අද (02) ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව පොලිසිය විසින් මෙතෙක් චෝදනා ගොනු කර නොමැති බව මහේස්ත්රාත්වරයාගේ අවධානයට ලක් විය. ඒ පිළිබඳව කරුණු දක්වමින් පොලිසිය ප්‍රකාශ කළේ අදාළ නීති කොට්ඨාසයෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි.
නිවසට ඇතුළු වූ හොරා කාන්තාවකට ලිංගික අතවර කරලා - කාන්තාව සැමියායැයි සිතා නිදාගෙන සැකකරු සොයා විමර්ශන
කෙසේ වෙතත්, පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී. පුංචිහේවා මහතා පොලිසියේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
පොලිසිය විසින් චෝදනා ගොනු කිරීමට අපොහොසත් වීම පදනම් කරගනිමින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා නඩුවෙන් නිදහස් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව නීතිඥ පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.