බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ අල්ලන්න ලංකාවෙන් පිම්මක් - ජනවාරි 14 සිට 17 දක්වා ශ්‍රී ලාංකිකයන්ට අලුත් අවස්ථාවක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව ලන්ඩනයේදී දෙදින ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අවස්ථා පුළුල් කිරීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් බව සඳහන්. මේ සඳහා බ්‍රිතාන්‍ය ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ ව්‍යාපාරික සංවිධාන නියෝජනය කරමින් 140කට ආසන්න පිරිසක් සහභාගී වී තිබෙනවා.
එමෙන්ම මේ සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ද එක් වූ බව වාර්තා වේ.
කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල
එසේම සංසදය අමතමින් අමාත්‍යවරයා කියා ඇත්තේ ශ්‍රී ලංකා ආර්ථිකය 2024 සහ 2025 වසර දෙකේදීම 5%ක වර්ධනයක් වාර්තා කර තිබෙන බවයි.
එසේම ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට නියාමන ක්‍රියාවලීන් සරල කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි රජය අවධානය යොමු කරන බව ද ඔහු පවසා ඇත.
තවද එහිදී තිලකා ජයසුන්දර මහත්මිය, 2025 වසරේ කාර්මික අංශය 7.8%ක වර්ධනයක් අත්කරගෙන ඇති බව ද පෙන්වා දී ඇත. එම වසරේ සෘජු විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබෙන අතර, එය 72%ක වර්ධනයක් බව ද ඇය පවසා ඇත.
මේ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා දෙරටේ දිගුකාලීන වෙළෙඳ සබඳතා අවධාරණය කළ අතර, බ්‍රිතාන්‍යයේ Developing Countries Trading Scheme (DCTS) වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික අපනයන සඳහා ලැබෙන සහනදායී වෙළෙඳපොළ ප්රවේශයේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.
බෙංගාල බොක්ක කැළඹෙයි - තවත් ප්‍රබල සුළි කුණාටුවක් - අද මධ්‍යම රාත්‍රිය සහ හෙට පාන්දර වෙනකල් වෙන්න යන දේ
එසේම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකාවේ තිරසාර නිෂ්පාදන, ජාත්‍යන්තර තත්ත්ව ප්රමිතීන් සහ අපනයන තරගකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය සමාගම්වලට ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 වෙනුවෙන් සහභාගී වන ලෙස ආරාධනා කර ඇත. එසේම වෙළෙඳ හා ආයෝජන සාකච්ඡාවලදී නව ව්‍යාපාරික හවුල්කාරිත්ව සහ ආයෝජන අවස්ථා පිළිබඳව ද අවධානය යොමු විය.
එමෙන්ම 2027 ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනය මෙරට අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර ගැනුම්කරුවන් හා ආයෝජකයන් සමඟ සෘජුව සම්බන්ධ වී නව වෙළෙඳ අවස්ථා සොයා ගැනීමට වැදගත් වේදිකාවක් වනු ඇති බවට අපේක්ෂා කරයි.