තද සුළං ,අකුණු කුණාටු අද බහුලයි

By Mithu Apr 21, 2025 11:35 PM GMT
Report

 දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

රටේ හැමෝම ආදරය කරන දිනිති වල්ගමගේ හදිසියේම ගුවන් සේවයට සමුදුන්නේ ඇයි..? කවුරුත් නොසිතූ හේතුවක් – (PHOTOS)

රටේ හැමෝම ආදරය කරන දිනිති වල්ගමගේ හදිසියේම ගුවන් සේවයට සමුදුන්නේ ඇයි..? කවුරුත් නොසිතූ හේතුවක් – (PHOTOS)

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

රනිල්ට අල්ලස් කොමිසමෙන් දිනදෙයි

රනිල්ට අල්ලස් කොමිසමෙන් දිනදෙයි