ආයෙත් මාස්ක් දාගෙන පාරට බහින්න වෙයිද? - වායු දූෂණය ඉහළ යාමෙන් විශේෂ දැනුම්දීමක් [VIDEO]

Report

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති කැළඹිලි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය 150ත් 200ත් අතර මට්ටමකට ඉහළ ගොස් ඇති බවයි.

මධ්‍යම පරිසර අධිකාරිය නිරන්තරයෙන් මෙරට වායු ගුණාත්මකභාවය පිළිබඳව නිරීක්ෂණය කරන බවත්, ඒ අනුව දින දෙකකට පමණ පෙර උතුරු ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය පහළ යෑමක් හෙවත් වායු තත්ත්ව දර්ශක අගය ඉහළ යෑමක් නිරීක්ෂණය වූ බවත් ඔහු පැවසීය.

''මධ්‍යම පරිසර අධිකාරියේ නිරන්තරයෙන්ම අපේ රටේ වායුවේ ගුණාත්මය පිළිබඳ විමසිලිමත් වෙනවා. ඒ අනුව අපිට දැනට දින දෙකකට කලින් නිරීක්ෂණය කරන්න ලැබුණා විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ වායුවේ ගුණාත්මක අගය පහළයාමක්. ඒ කියන්නේ වායු තත්ව දර්ශකයේ ඉහළ යෑමක්. ඉතින් මේ අගයන් ඊයේ වන විට දිවයිනේ අනෙකුත් ප්‍රදේශට විශේෂයෙන් උතුර උතුරු මැද නැගෙනහිර සහ බස්නාහිර ප්‍රදේශ වලට මේ තත්ත්වය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙම අගය 100ත් 150 වැනි අගයකට ගියා.

ඒ වගේම අද වෙනකොට මේ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ අගය 150 200ත් අතර අගයක් ගන්නවා. මේකට ප්‍රධාන හේතුව තමයි මීට දින කීපයකට කලින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ තිබුණු කැළඹිලි ස්වභාවය නිසා අන්තර්දේශ සීමා අතර සිදුවන වාත සංසරණය ඇත්තටම අපේ රටට මේ වායුදූෂක කාරක ඇතුල් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය විශේෂයෙන් මෙම ඉහළ අගයක් ගන්න මේ වායු තත්ත්ව දර්ශක අගය නිසාම අපේ සමහර පුද්ගලයන්ට විශේෂයෙන් සංවේදී පුද්ගලයන්ට මෙය අහිත කර වෙන්න පුලුවන් එතකොට මේ අහිතකර තත්ත්වය විශේෂයෙන් අපිට දැකගන්න පුළුවන් වෙන්නේ ස්වසන ආබාධ තියෙන ඒ වගේම වැඩිහිටි පුද්ගලයන්ට මෙය අහිතකර තත්ත්වයක් විදිහට බලපානවා.

ඒක නිසා එවැනි හුස්ම ගැනීම අපහසුතාවයක් සහ එවැනි අසාත්මිකතාවයක් ඇති වුනොත් මධ්‍යම පරිසර අධිකාරිය දන්වා සිටිනවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන් මෙම තත්ත්වයෙන් මගහරවාගන්න කේ.එන්.95දරණ අනුපහ දරන මුවා ආවරණයක් පැළඳීම සුදුසුයි කියලා. ඉතින් මේ කරුණු පිළිපදින්න විශේෂයෙන් මෙම තත්ත්වය තව දින දෙක තුනක් ඇතුළත පහවයයි කියලා අපි පූ‍රෝකථනය කරනවා.


විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරී විදිහට අපි නිරන්තරයෙන්ම මේ ගැන අවධානයෙන් සිටිනවා වගේම මහජනතාව වෙත කරුණු දක්වනවා. උතුර යාපනය, කීලිනොච්චිය ත්‍රිකුණාමලය ඒ වගේම පුත්තලම අනුරාධපුරයේ සහ මඩකලපු වැනි ප්‍රදේශවලත් කොළඹ ප්‍රදේශයේ මේ වෙනකොට පොඩ්ඩක් අඩු තත්ත්වයක් තියෙන්නේ. නමුත් ඒ අනිත් ප්‍රදේශවල 100ත් 150ත් අතර අගයක් ගන්නවා. ඒ වගේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය අගයක් තමයි ගන්නේ. විශේෂයෙන් අපිට මේ තියෙන වායුතත්ථ දර්ශක අගය අපේ වෙබ් අඩවිය මගින් නිරීක්ෂණය කරන අයුරු ඕනම කෙනෙකුට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගන්න පුළුවන්.'' 

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 5 වැනි දිනය අදයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 5 වැනි දිනය අදයි

තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්

තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්