පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 5 වැනි දිනය අදයි
අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්ව ඇති අතර, 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය දෙවනවර කියවීමේ විවාදය අද දිනයේදීත් පැවැත්වීමට නියමිතය.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ අතර, එය නොවැම්බර් 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
දිවයිනේ මේ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් - හුස්මත් විස වෙන ලකුණු - අවධානයෙන් සිටින්නැයි දන්වයි
ඒ අනුව දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පැවැත්වෙනු ඇත.
එම විවාදය අවසන් වීමෙන් පසු 2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ. රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.